පොලිස්පති කුසලාන ජාතික ශිෂ්‍ය භට කඳවුර සාර්ථකව නිමා කරමින්, දිවයින පුරා පාසල් 62කින් පැමිණි ශිෂ්‍ය භටයන් 1,542 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය හෙට (25) පෙරවරු 7.30ට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අළුවිහාර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ද එක්වීමට නියමිතය. මෙම විශේෂ අවස්ථාව ආවරණය කිරීම සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහභාගි කරවන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලීමක් කරයි.



























