ජුනි 8 සිට 10 දක්වා විශේෂ මදුරු මර්දන දින තුනක් ප්‍රකාශයට පත් කෙරේ

මදුරු මර්දනය ඉලක්ක කරගනිමින් එළඹෙන ජූනි 08, 09 සහ 10 යන තෙදින විශේෂ මදුරු මර්දන දින ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙම කාලසීමාව තුළ ක්‍රියාත්මක වන සෞඛ්‍ය වැඩසටහන්, ඊට අදාළ විශේෂ ක්‍රියාකාරකම් සහ මහජනතාව විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත පියවර පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබේ.​සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී එළඹෙන 05 වනදා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. මෙහිදී මදුරු මර්දන වැඩපිළිවෙළට අමතරව, පසුගිය වෙසක් උත්සව සමය තුළ මෙරට සිදු වූ මාර්ග අනතුරු පිළිබඳ දත්ත සමාලෝචනය කිරීමක් ද සිදු කිරීමට කටයුතු යොදා ඇත.​මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර, බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. ටී. ඒ. පී. සේරසිංහ, මැලේරියා මර්දන ව්‍යාපාරයේ නිලධාරීන් මෙන්ම අනතුරු නිවාරණ අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් සම්පත් දායකත්වය සපයමින් එක්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,173

Leave A Reply

Your email address will not be published. Required fields are marked *