ජූලි මුල් දින 22 තුළ සංචාරකයින් ලක්ෂයකට වැඩි පිරිසක් දිවයිනට

​මෙම ජූලි මාසයේ මුල් දින 22ක කාලය ඇතුළත විදේශීය සංචාරකයින් 138,730 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම පැමිණීම් අතරින් වැඩිම ප්‍රතිශතයක් එනම් 23%ක ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඒ අනුව එම කාලසීමාවේදී ඉන්දියානු ජාතිකයින් 31,734 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.​මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 14,959 දෙනෙකු ද, චීනයෙන් 8,484 දෙනෙකු සහ නෙදර්ලන්තයෙන් 8,415 දෙනෙකු ද මෙම දින 22 ඇතුළත මෙරටට පැමිණි පිරිසට අයත් වේ. ප්‍රධාන සංචාරක වෙළඳපොළවල් කිහිපයකින්ම මෙලෙස යහපත් ආකර්ෂණයක් හිමිවීම සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට මහෝපකාරී වී තිබේ.​මේ අතර 2026 ජනවාරි 01 වනදා සිට ජූලි 15 වනදා දක්වා ගතවූ කාලය තුළ සමස්තයක් ලෙස සංචාරකයින් 1,285,303 දෙනෙකු මෙරට සංචාරය කර ඇත. එම මුළු සංඛ්‍යාව අතුරින් ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ගණන 325,417ක් වන අතර, එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ගණන 123,526ක් ලෙස සටහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,255

Leave A Reply

Your email address will not be published. Required fields are marked *