”රාජ්‍ය ළමා නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය – 2025″ පසුගිය 24 වනදා අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව මෙම සම්මාන රාත්‍රිය සංවිධානය කර තිබුණි.අනාගත වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට නියමිත නවක නිර්මාණකරුවන්ගේ සහ දරු පරපුරේ නිර්මාණශීලී කලා කුසලතා ඇගයීම වෙනුවෙන් මෙහිදී රාජ්‍ය සම්මාන පිරිනැමිණි. ළමා නාට්‍ය කලාව සක්‍රිය ලෙස ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට අවශ්‍ය ශක්තිමත් පදනමක් ගොඩනැගීම මෙම උත්සවයේ මූලික අරමුණ වූ බව සංවිධායක මණ්ඩලය පවසයි.බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අභිමානවත් උත්සවය සඳහා මැතිඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රවීණ කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.























