පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝගයක් සහ වරෙන්තුවක් නිකුත් කර තිබේ.පොලිස්පතිවරයා හරහා මෙම වරෙන්තුව වහාම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණය නියම කර ඇති අතර, විත්තිකාර ඥානසාර හිමියන් ඉදිරි ඔක්තෝබර් මස 1 වැනි දින අධිකරණය හමුවට පත්කිරීමට පියවර ගන්නා ලෙස දන්වා ඇත.මෙම නියෝගය නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළව නිකුත් කර ඇති අතර, අදාළ දින වන විට උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම පොලිසියට පැවරී තිබේ.



























