පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස බලකරමින් මහා සංඝරත්නය විසින් සංවිධානය කරන ලද ‘නිදහසේ පාද යාත්රාව’ අද (15) පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ළඟා විය. පසුගිය 10 වැනිදා මහනුවර ශ්රී දළදා මාලිගා පරිශ්රයෙන් ආරම්භ වූ මෙම පාගමන, කඩවත, කිරිබත්ගොඩ සහ මරදාන හරහා දින හයක් පුරා ගමන් කර කොළඹට ළඟා වූ අතර, එහිදී භික්ෂූන් වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනාවක ද නිරත වූහ.ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු සාකච්ඡා සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් උදහසට පත් භික්ෂූන් වහන්සේලා ලේකම් කාර්යාලය අසල මාර්ගය මත බිම අසුන්ගෙන සිය විරෝධතාව ප්රකාශ කළහ. මෙම උද්ඝෝෂණයත් සමඟ ගාලු මුවදොර අවට ප්රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර, හටගත් රථවාහන තදබදය හේතුවෙන් ප්රදේශයේ ගමනාගමන කටයුතුවලට ද යම් බාධා ඇති විය.



























