මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අතරින් ජූලි 24 වැනි දින දක්වා ගත වූ කාලය තුළ පමණක් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 25,530කි. පවතින අයහපත් වටපිටාවත් සමඟම මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව ද 61ක් දක්වා ඉහළ ගොස් තිබේ.දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 17,135කි (ප්‍රතිශතයක් ලෙස 21.18%). දෙවැනියට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,140 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අඛණ්ඩ මර්දන මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක කෙරේ. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස ජනතාවගේ සහයෝගය ද අත්‍යවශ්‍ය බව බලධාරීහු පෙන්වා දෙති.























