දිවයින තුළ මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,306ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.සෞඛ්‍ය අංශ දත්තවලට අනුව අගෝස්තු මාසයේ පමණක් මෙරටින් නව ඩෙංගු රෝගීන් 4,959 දෙනෙකු වාර්තා වී තිබේ.මෙම වසංගත තත්ත්වය හමුවේ වසරේ මේ දක්වා සිදුව ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 65ක් ලෙස වාර්තා වන බව ද එම ඒකකය වැඩිදුරටත් පෙන්වා දෙයි.



























