ඩෙංගු රෝගීන් 4292 ක් අගෝස්තු මස මුල් දිනවලදී වාර්තා වේ

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තාවන්ට අනුව, ගත වූ අගෝස්තු මාසයේ මුල් දින 9 ඇතුළත පමණක් දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 4292 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ.​මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,639 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 65 කි.​ප්‍රදේශවාරව ගත් කළ, දිවයිනේ වැඩිම රෝගී ප්‍රතිශතය එනම් සියයට 21.27 ක ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එහි රෝගීන් සංඛ්‍යාව 19,067 ක් ලෙස සටහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,278

Leave A Reply

Your email address will not be published. Required fields are marked *