සුරේෂ් සලේගේ පෙත්සම අගෝස්තු 25 දක්වා කල් තබයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව ඉදිරිපත් වූ අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද විභාගයට ගනු ලැබීය. එහිදී අතරමැදි පෙත්සම්කරුවන් නියෝජනය කළ නීතිඥවරුන් අධිකරණය හමුවේ සිය මෝසම් සහ කරුණු දැක්වීම් සිදු කළ බව සඳහන්ය. එම කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව, නඩුව යළි කැඳවීම අගෝස්තු 25 වන දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,314

Leave A Reply

Your email address will not be published. Required fields are marked *