තම දියණිය දීර්ඝ කාලයක් තිස්සේ බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත පොලිස් නිලධාරියෙකු මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දඹගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, 11 වසරේ ඉගෙනුම ලබන තම පාසල් වියේ පසුවන දියණිය මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බව වාර්තා වේ.දිගින් දිගටම සිදුවූ මෙම සිදුවීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වූ දැරිය ප්‍රතිකාර සඳහා සිරිගල රෝහලට ඇතුළත් කර ඇත. එහිදී ඇය තමන් මුහුණ දුන් මෙම අවාසනාවන්ත තත්ත්වය වෛද්‍යවරයා හමුවේ අනාවරණය කර ඇති අතර, වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳව වහාම පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ මොනරාගල පොලිස් නිලධාරීන් සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු, නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක නිලධාරියෙකුගෙන්ම මෙවැනි සාතිශය කණගාටුදායක ක්‍රියාවක් සිදුවීම සමාජය තුළ දැඩි කම්පනයක් සහ පිළිකුලක් ඇති කිරීමට හේතු වී තිබේ.























