ත්රිකුණාමලය – හබරණ ප්රධාන මාර්ගයේ කිතුල් උතුව ප්රදේශයේදී අද (03) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කන්තලේ සිට හබරණ දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක් හදිසියේම මාර්ගයේ දකුණු පස වෙළෙඳසැලක් වෙත හැරවීමට උත්සාහ කිරීමේදී, ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.මෙම අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එහි ගමන් කළ තවත් අයෙකු බරපතල තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.අනතුර සිදුවූ ආකාරය සහ ඊට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අග්බෝපුර පොලිසියේ රථවාහන අංශය විසින් මේ වන විට ක්රියාත්මක කරමින් පවතී.



























