ශ්රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 37 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 305 ක් රැස් කළ අතර, එහිදී විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ සල්මාන් අගා ලකුණු 107 ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී ශ්රී ලංකාව වෙනුවෙන් ශයින් ෂා අෆ්රිඩි කඩුලු 3 ක් දවාලීමට සමත් විය.ලකුණු 306 ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.1 කදී ලබාගත හැකිවූයේ ලකුණු 268 ක් පමණි. ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 79 ක් සහ ජනිත් ලියනගේ ලකුණු 60 ක් රැස් කරමින් දක්ෂතා දැක්වීය.



























