ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.දක්ෂිණ අධිවේගී මාර්ගය මත බස් රථ ධාවනය කිරීම සඳහා මගී සේවා අවසර පත්ර 56ක් නිකුත් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන් වේ. ඒ අනුව, අදාළ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



























