චීනයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඩිජිටල්කරණයට සහය සහ පාසල් නිල ඇඳුම් වැඩපිළිවෙළ පුළුල් කිරීමට සාකච්ඡා

දිවයින පුරා පන්තිකාමර 500ක් සඳහා අවශ්‍ය ස්මාර්ට් උපකරණ 900ක් ලබා දීමට චීන රජය එකඟතාව පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇති අතර, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණ වැඩසටහන් සඳහා චීනයේ පූර්ණ දායකත්වය ලබා දෙන බවද එහිදී තහවුරු කර ඇත.​ඉදිරි වසරේදී යෙදී ඇති චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරයට සමගාමීව, අධ්‍යාපන මෙන්ම සංවර්ධන අංශවල ද සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව ද නායකයින්ගේ අවධානය යොමු විය. විශේෂයෙන්ම පාසල් සිසුන් වෙත ලබාදෙන නිල ඇඳුම් ආධාරය, වාර්ෂිකව තාවකාලිකව ලබා දෙන ක්‍රමවේදයකින් බැහැරව, සෑම පාසල් වසරකම ආරම්භයේදී නිසි පරිදි ලබා දීම සඳහා වසර තුනේ සිට පහ දක්වා දීර්ඝ කාලීන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,336

Leave A Reply

Your email address will not be published. Required fields are marked *