දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු මෙම තත්ත්වය ඇති විය හැකිය.මෙහිදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි පතිත විය හැකි බවට අනතුරු අඟවා ඇත. තවද, බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතී.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට ජනතාව සැමවිටම කඩිනමින් ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස කාලගුණ අංශ ඉල්ලා සිටී.



























