දිවයිනට ආසන්න බෙංගාල බොක්ක මුහුදු තීරයේ පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින අතර, උතුර, නැගෙනහිර, දකුණ සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සෙසු ප්රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි ඇති වීමේ හැකියාවක් පවතී.බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්යම, වයඹ පළාත් මෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැකි අතර, සෙසු ප්රදේශවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. මීට අමතරව, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් නිරීක්ෂණය විය හැක.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් අනතුරු අවම කර ගැනීමට අවශ්ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

























