දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං

දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේ වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි. විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.​මේ අතර ඌව පළාත, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං ඇතිවිය හැකියි.​ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ දරුණු අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 1,166

Leave A Reply

Your email address will not be published. Required fields are marked *