සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කළ තෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන දිනය නිමාවන විට රට තුළ පවතින ඩෙංගු අවදානමේ බරපතළ තත්ත්වයක් අනාවරණය වී තිබේ. මෙම විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවේදී දිවයින පුරා පිහිටි විවිධ පරිශ්‍රයන් නිරීක්ෂණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ අනුව දියත් කළ විශේෂ මෙහෙයුමේදී පරිශ්‍ර 31,155ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් ස්ථාන 1,864කම ඩෙංගු මදුරු කීටයන් බෝවී සිටින බව නිල වශයෙන් තහවුරු කරගෙන ඇත. විශේෂයෙන්ම මෙලෙස පරික්ෂා කරන ලද කර්මාන්තශාලා, ඉදිකිරීම් බිම් මෙන්ම ආගමික ස්ථානවලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් මදුරුවන් බෝවීමේ දැඩි අවදානමක පවතින බව සොයාගෙන තිබේ.වත්මන් තත්ත්වය සලකා බලා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳව වෙනදාට වඩා අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා තමන් පදිංචි නිවෙස් සහ අවට වටපිටාව නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙසද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

























