දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 536ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ පොලිස් මෙහෙයුමකදී ඊයේ (05) දින විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 536 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම්වලදී පුද්ගලයන් 27,100කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් පිරිස අතරට අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සැකකරුවන් 17 දෙනෙකු, සාමාන්‍ය වරෙන්තුකරුවන් 222 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 117 දෙනෙකු ඇතුළත් වේ. මීට අමතරව, නීති විරෝධී සහ අපරික්ෂාකාරී රිය පැදවීම් මැඩලීම සඳහා සිදු කළ පරීක්ෂා කිරීම්වලදී බීමත් රියදුරන් 50 දෙනෙකු සහ රිය පැදවීමේ අනෙකුත් වැරදි කළ පුද්ගලයන් 117 දෙනෙකු ද නීතියේ රැහැනට හසු කරගෙන තිබේ.මේ අතර, වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පමණක් පුද්ගලයන් 4,599 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම අරමුණු කරගත් මෙම අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,318

Leave A Reply

Your email address will not be published. Required fields are marked *