දිවයින පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 143ක් විවෘත කෙරේ

2026 යල කන්නයට අදාළ වී මිලදී ගැනීමේ කටයුතු අද (13) සිට ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබේ. මේ වන විට බොහෝ ප්‍රදේශවල අස්වනු නෙළීම ආරම්භ වී ඇති හෙයින්, වැඩි අස්වැන්නක් ලැබෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රට පුරා විසිරී ඇති වී ගබඩා 143ක් හරහා මෙම මිලදී ගැනීම් සිදු කෙරේ.​වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කරන පරිදි, මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සූදානම් කර ඇත. වී අස්වනු ගබඩා කිරීමේදී ඇති විය හැකි ඉඩකඩ ගැටලු මඟහරවා ගැනීම සඳහා ද විශේෂ සැලසුම් සකස් කර තිබේ.​යම් හෙයකින් රාජ්‍ය ගබඩාවල ධාරිතාව ඉක්මවා යන්නේ නම්, ඒ ආසන්නයේ පවතින පෞද්ගලික අංශයේ ගබඩා පහසුකම් ලබා ගැනීමටත් පියවර ගෙන ඇත. මේ සඳහා ඇතැම් පෞද්ගලික ආයතන සහ මෝල් හිමියන් සිය ගබඩා නොමිලේ ලබා දීමට ස්වේච්ඡාවෙන් එකඟතාව පළ කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,233

Leave A Reply

Your email address will not be published. Required fields are marked *