පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයන්හි අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව දිවයිනේ සෙසු මුහුදු කලාපවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇති වීමේ ප්‍රවණතාවක් පවතී.ප්‍රදේශ කිහිපයකම මුහුද රළු විය හැකි අතර, කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් දක්වා වන මුහුදු තීරයන්හි සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යාමට ඉඩ ඇත. මේ අතර පුත්තලම සිට පොතුවිල් දක්වා වෙරළාශ්‍රිත මුහුදු රළ මීටර් 2.0 සිට 2.5 දක්වා උසකින් යුක්තව ඉහළ යාමේ හැකියාවක් ද පවතී.පවතින මෙම වැසි සහිත සහ සුළං අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් නාවික හා ධීවර ප්‍රජාවට තම කටයුතුවලදී දැඩි ලෙස විමසිලිමත්ව සහ ආරක්ෂිතව කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි. සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශවල නිරිත දෙසින් සුළං හැමීම සිදුවන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30-40 ත් අතර අගයක පවතී.



























