දිස්ත්‍රික්ක 6කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව නුවරඑළිය, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක මේ යටතේ අවධානමට ලක් කර ඇත.​විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය මෙන්ම ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල නිශ්චිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස උපදෙස් දී තිබේ.​මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) පස්වරු 7.00 සිට හෙට (21) පස්වරු 7.00 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වන බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *