ප්‍රයිවට් ආයතනයක් හරහා පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ඉදි කර දෙන බව පවසමින් මුදල් වංචා කළ ජාවාරමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මුදල් ලබාගෙන නිවාස ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි 245ක් ලැබී ඇති අතර, මීට පෙර එම ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් ද බන්ධනාගාරගත කර තිබිණි.අලුතින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ආයතනයේ ප්‍රධාන අලෙවි කළමනාකරු සහ මෙහෙයුම් නිලධාරිනිය ලෙස කටයුතු කළ කාන්තාවන් දෙදෙනෙකි. මූල්‍ය වංචාවට අනුබල දීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ මෝටර් රථ 4ක් ද පොලිස් භාරයට ගෙන ඇත.කහවත්ත සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචි 30 සහ 31 හැවිරිදි වියේ පසුවන මෙම සැකකාරියන් ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



























