නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඩ්‍රෝන ගෙන ඒමේ සිද්ධිය CIDයට

අනුමැතියකින් තොරව මෙරටට ඩ්‍රෝන යානා රැගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට එරෙහි ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාරදීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.​සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි මන්ත්‍රීවරයා ළඟ තිබූ ඩ්‍රෝන යානා සහ මයික්‍රෆෝන තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පූර්ව අනුමැතිය නොමැති වීම හේතුවෙනි.​අදාළ ඩ්‍රෝන යානාවල තත්ත්වය පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය මගින්ද විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමට නියමිත අතර, අවශ්‍ය නිල අනුමැතීන් ඉදිරිපත් කළහොත් පමණක් එම භාණ්ඩ මුදාහරින බව රේගුව ප්‍රකාශ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *