නව බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමඟ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට බස් ගාස්තු ඉහළ දමා තිබේ. ඒ අනුව සාමාන්‍ය බස් රථ සේවාවන්හි මෙතෙක් පැවති අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම සාමාන්‍ය සේවා යටතේ අය කෙරෙන උපරිම බස් ගාස්තුව ද රුපියල් 2,422 සිට රුපියල් 2,902 දක්වා සංශෝධනය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.​මෙම ගාස්තු ඉහළ දැමීමට සමගාමීව අර්ධ සුඛෝපභෝගී (Semi-luxury) බස් රථ සේවාවන්හි ගාස්තු ද සංශෝධනයකට ලක් කර ඇත. ඒ අනුව එම සේවාවන්හි අවම ගාස්තුව රුපියල් 44 සිට රුපියල් 51 දක්වා ඉහළ දමා ඇති අතර, උපරිම ගාස්තුව රුපියල් 3,330 සිට රුපියල් 4,353 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ.​මෙම නව මිල ගැලපීම්වලට අදාළව සියලුම ගාස්තු අදියරයන් ඇතුළත් සම්පූර්ණ බස් ගාස්තු ලේඛනය ඉදිරියේදී මහජනතාව වෙත වෙනම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,223

Leave A Reply

Your email address will not be published. Required fields are marked *