ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ දැනුම් දී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව ඉදිරියේදී අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළේය.මෙම කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා අදාළ නඩුව ලබන නොවැම්බර් මස 18 වනදා යළි කැඳවීමට නියෝග කළේය. නඩුවේ සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ මහතා අදාළ දිනය වන විට බන්ධනාගාරගතව සිටින්නේ නම්, ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කෙරිණි. මේ වන විට නාමල් රාජපක්ෂ මහතා රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර සිටින සැකකරුවෙකි.මේ අතර, නඩුවේ පළමු සැකකරු වූ කපිල චන්ද්රසේන මහතා මියගොස් ඇති බව වාර්තා වුවද ඊට අදාළ මරණ සහතිකය මෙතෙක් විමර්ශන නිලධාරීන්ට ලැබී නොමැති බව අධිකරණයේදී අනාවරණය විය. තවද, දෙවන සැකකාරිය වන ප්රියංකා නියෝමාලි සහ ශාමින්ද්ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්යන්තර රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති අතර ඒ ඔස්සේ ඉදිරි විමර්ශන ක්රියාත්මක වන බවද සී.අයි.ඩී. ය වැඩිදුරටත් පැවසීය.



























