නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ රිමාන්ඩ් කාලය මේ මස 27 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.​කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් සහ විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මෙම තීරණයට එළඹ තිබේ.​සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර නඩු විභාගය ඉදිරි දිනයන්හිදී අධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,377

Leave A Reply

Your email address will not be published. Required fields are marked *