පූගොඩ පොලිස් වසමේ පට්ටියගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 178යි මිලිලීටර් 750ක් (බෝතල් 105ක්) පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් 48 හැවිරිදි පූගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු ඉදිරි විමර්ශන සඳහා පූගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.



























