නුවරඑළිය ප්‍රදේශයේදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා ජූලි 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය. අත්අඩංගුවේ පසුවන මෙම පිරිසට ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළත් වේ.අධිකරණ ක්‍රියාමාර්ග අතරතුරදී, සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පලයක් ලබාගැනීමේ අවශ්‍යතාව පොලිසිය විසින් පෙන්වා දෙන ලදී. එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ සැකකරුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර අදාළ සාම්පල ලබාගන්නා ලෙස නියෝග කළාය.පොලිස් හා බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගත කර වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව, සැකකරුවන් සිව්දෙනා නැවතත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව, අධිකරණ නියෝගය පරිදි ඔවුන් යළි බන්ධනාගාරගත කිරීමට පියවර ගැනුණි.























