නෙත්මිකාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් අත්කර දීමට නෙත්මිකා මධුෂානි හේරත් සමත් වූවාය. අද (12) පැවති කාන්තා තුන් පිම්ම ඉසව්වට එක්වූ ඇය, මීටර් 13.25ක දක්ෂතාවක් දක්වමින් මෙම ජයග්‍රහණය වාර්තා කළාය. ඇය දැක්වූ මෙම විශිෂ්ට දක්ෂතාව හේතුවෙන් මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා පදක්කම් සටහන තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව හිමිවිය.​මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා සංචිතය මෙවර ආසියානු වයස 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් කිහිපයක් දිනා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්ව සිටී. මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට සමත් වූ නෙත්මිකාගේ මෙම ජයග්‍රහණය මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි ඇගයීමට ලක්ව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,249

Leave A Reply

Your email address will not be published. Required fields are marked *