උතුරු නේපාලයේ රඝුවා දිස්ත්‍රික්කයේ 2026 අගෝස්තු 26 වන දින ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ජීවිත හා දේපළ හානි හමුවේ, නේපාල රජය වෙත අමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය පරිත්‍යාගයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.මෙම ආපදා තත්ත්වය නිසා නේපාල රජය සහ ජනතාව මුහුණ දී ඇති බරපතළ මානුෂීය අර්බුදය, අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සහ යටිතල පහසුකම් ප්‍රතිසාධන කටයුතු සැලකිල්ලට ගනිමින්, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම විශේෂ යෝජනාව මෙලෙස අනුමත වී ඇත.ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින ගැඹුරු සංස්කෘතික මෙන්ම දිගුකාලීන මිත්‍ර සබඳතා පදනම් කරගනිමින්, අභීත අපහසුතා මැද සිටින නේපාල ජනතාවට සහයෝගයක් ලෙස මෙම ආධාර මුදල ලබා දීමට නියමිතය.


























