නේපාල-ටිබෙට් දේශසීමාවේ හටගත් විනාශකාරී හදිසි ජලගැලීම් සහ ආපදා තත්ත්වයන් හේතුවෙන් නේපාලයේ මරණ සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නේපාලයේ රසුවා (Rasuwa) ප්‍රදේශයට බලපෑ මෙම ව්‍යසනයත් සමඟ පුද්ගලයින් 800කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින අතර, අයහපත් කාලගුණික තත්ත්වය සහ දුෂ්කර භූගෝලීය පිහිටීම නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා දැඩි බාධා එල්ල වී තිබේ.නේපාල සංචාරක මණ්ඩලය නිකුත් කළ නවතම නිවේදනයකට අනුව, විදේශීය ජාතිකයින් 517 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 127 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 644 දෙනෙකු අතුරුදන්ව ඇති බව තහවුරු කර ඇත. කෙසේ වෙතත්, මෙම ආපදාවට ලක් වූ අතුරුදන් වූවන් අතර කිසිදු ශ්‍රී ලංකා ජාතිකයෙකු නොමැති බව සංචාරක මණ්ඩලය වැඩිදුරටත් තහවුරු කර තිබේ.අතුරුදන් වූ විදේශිකයන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි (178ක්). මීට අමතරව ඇමරිකානුවන් 65ක්, යුක්‍රේනියානුවන් 53ක්, මැලේසියානුවන් 51ක්, ඕස්ට්‍රේලියානුවන් 35ක්, බ්‍රිතාන්‍ය ජාතිකයින් 33ක් සහ කැනේඩියානුවන් 25ක් ද අතුරුදන් වූවන් අතර වෙති. චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කර ඇති අයුරින් අතුරුදන් වූවන් අතර චීන ජාතිකයන් 100ක් පමණ වන අතර, ටිබෙට් ප්‍රදේශයෙන් පමණක් පුද්ගලයින් 558 දෙනෙකු අතුරුදහන්ව ඇති අතර සිරුරු 3ක් මේ වන විට සොයාගෙන ඇත. ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් විසින් අතුරුදන් වූවන් සෙවීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතී.



























