දිවයිනේ ප්‍රදේශ කිහිපයක දිවා කාලයේ උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට (03) දිනට බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.ඒ අනුව උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇති බව සඳහන් වේ.මෙම තත්ත්වය නිසා අදාළ ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකෙන ලෙසත් ඉල්ලා සිටී. විශේෂයෙන්ම කුඩා දරුවන්, වයෝවෘද්ධ අය සහ රෝගීන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස දන්වා ඇත.



























