ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

​කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැගෙනහිර පළාත ඇතුළු යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ජනතාව සඳහා උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, හෙට (18) දිනයේදී මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් ‘තාප දර්ශකය’ අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.​තාප දර්ශකය යනු සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය උපයෝගී කරගනිමින් ගණනය කරනු ලබන, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්ව මට්ටමයි. දිගු වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදීම නිසා විඩාව ඇති විය හැකි බවත්, තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් මස්පිඬු පෙරළීම වැනි ශාරීරික අපහසුතා ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.​එබැවින්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, එළිමහනේ සිදු කෙරෙන වෙහෙසකර ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,241

Leave A Reply

Your email address will not be published. Required fields are marked *