දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (03) රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන අතර, ඒ සම්බන්ධයෙන් ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ.විශේෂයෙන්ම වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයටද මෙම කාලගුණ තත්ත්වය බලපානු ඇති බව සඳහන් වේ. සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මෙම ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැක.එම නිසා අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි හානි වළළා ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. අනපේක්ෂිත කාලගුණ තත්ත්වයන් හමුවේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකීම වඩාත් සුදුසුය.



























