ප්‍රදේශ රැසකට අද දිනයේ අධික උණුසුමක්

මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමේ උණුසුමක් ප්‍රදේශ රැසකට බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

උතුර, නැගෙනහිර, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ මොණරාගල දිස්ත්‍රික්කයටයි මෙලෙස අද දිනය තුළ උණුසුම බලපා ඇත්තේ.

අධික උණුසුම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ එළිමහනේ රැඳී නොසිටින ලෙසයි දැනුම් දෙන්නේ.

එමෙන්ම දරුවන් වාහන තුළ තබා නොයන ලෙසද දැනුම් දෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,134

Leave A Reply

Your email address will not be published. Required fields are marked *