නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කවලට ඉදිරි පැය කිහිපය තුළ ප්‍රබල අකුණු සහ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම සවස් හෝ රාත්‍රී කාලයේදී මෙම ප්‍රදේශවල අහස වළාකුළුන්ගෙන් බර වී ගිගුරුම් සහිත වැසි සමඟ තද අකුණු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සඳහන් වේ.මෙහිදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වැසි පතිත විය හැකි බවටද අනතුරු අඟවා ඇත. එබැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර අනුගමනය කරන ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.



























