ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද පළාත් සහ මුලතිව් දිස්ත්‍රික්කය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (16) මධ්‍යම රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව නිවේදනය කර ඇත.​ඒ අනුව, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී අදාළ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,334

Leave A Reply

Your email address will not be published. Required fields are marked *