ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකීය ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ දිගුකාලීන සේවයක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 73 වන වියේ පසු විය.​වසර 22ක පමණ කාලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති ඔහු, පසුව වේදිකා නාට්‍ය හරහා කලා ලෝකයට පිවිසි අතර 1995 වසරේ තිරගත වූ ‘රෝදයා’ චිත්‍රපටයෙන් සිනමාවට එක් විය. ‘පෙම් මල් මාලා’, ‘ලෙෆ්ට් රයිට් සර්’ වැනි චිත්‍රපට රැසකට දායක වූ ඔහු, අතිශය ජනප්‍රිය ‘කෝපි කඩේ’ ටෙලිනාට්‍යයේ “පොඩි මහත්තයා” ලෙස පුළුල් ජනප්‍රියත්වයක් ලැබීය.​ප්‍රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ඒ මහතාගේ අභාවය කලා ක්ෂේත්‍රයට පාලුකමක් ගෙන දෙන්නකි.

What's your reaction?

Related Posts

1 of 1,390

Leave A Reply

Your email address will not be published. Required fields are marked *