2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුර සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීමට උත්සාහ කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 10 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී චම්පික රණවක මහතාද අධිකරණයේ පෙනී සිටියේය.2016 පෙබරවාරි 28 වනදා රාජගිරිය ජනාධිපති විද්‍යාලය අසලදී සන්දීප් සම්පත් නැමැති තරුණයා ගමන් කළ යතුරුපැදියේ සුඛෝපභෝගී රථයක් ගැටීමෙන් සිදු වූ බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය පදනම් කරගෙන මෙම නඩුව ගොනු කර ඇත. අනතුරින් පසු රථය නොනවත්වා ධාවනය කිරීම සහ අසත්‍ය සාක්ෂි සකස් කිරීම ඇතුළු අධිචෝදනා 16ක් යටතේ නඩුව පවරා ඇති අතර, එවකට ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ වැලිකඩ හිටපු ස්ථානාධිපතිවරයාද මෙහි සසුන් විත්තිකරුවන් වේ.



























