පාර්ලිමේන්තුව අද රැස්වෙයි – ජලභීතිකා පනත දෙවැනි වර කියවීමේ විවාදය අද

පාර්ලිමේන්තුව අද (23) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර, දවසේ පළමු භාගයේදී ස්ථාවර නියෝග යටතේ වන පාර්ලිමේන්තු කටයුතු, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කර ඇත.​අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. පසුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහාය.

What's your reaction?

Related Posts

1 of 1,391

Leave A Reply

Your email address will not be published. Required fields are marked *