පාර්ලිමේන්තුව අද රැස්වෙයි

​අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, මූලික කාලය තුළ ස්ථාවර නියෝගවලට යටත්ව පාර්ලිමේන්තු කටයුතු සහ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. ඉන් අනතුරුව, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න විමසීමට නියමිතය. ​දවසේ ප්‍රධාන ව්‍යවස්ථාදායක කටයුත්ත ලෙස, මෝටර් වාහන පනත යටතේ නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් අනුමත කරවා ගැනීම සඳහා පෙරවරු 11.30 සිට සවස 5.00 දක්වා විවාදයට ගැනීමට නියමිතව ඇත. ​අනතුරුව සවස 5.00 සිට 5.30 දක්වා කාලය විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය සඳහා වෙන් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,321

Leave A Reply

Your email address will not be published. Required fields are marked *