පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළ යාම පිළිබඳව පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට

වත්මන් පාසල් පද්ධතිය තුළට මත්ද්‍රව්‍ය කාන්දු වීමේ ප්‍රවණතාවක් ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. ඊයේ (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය මෙන්ම විවිධ මත්පෙති වර්ග ද සිසුන් අතර ප්‍රචලිත වෙමින් පවතින බවයි.​මෙම උවදුර තවදුරටත් එක් ප්‍රදේශයකට පමණක් සීමා නොවී රට පුරා ඇති පාසල් කරා ව්‍යාප්ත වෙමින් පැවතීම බරපතළ තත්ත්වයක් බව අමාත්‍යවරිය අවධාරණය කළාය. දරුවන්ගේ අනාගතය අඳුරු කරන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පාසල් පරිශ්‍රයන් තුළින් තුරන් කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙන්ම සමස්ත සමාජයම වගකීමෙන් කටයුතු කළ යුතු කාලය එළඹ ඇත.​මෙම හෙළිදරව්වත් සමඟ ඉදිරියේදී පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුන් මේ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළවල් කඩිනමින් ක්‍රියාවට නැංවීමට බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *