පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියෙකු වන කර්නල් කැළුම් මද්දුමගේ මහතා ඉදිරිපත් කළ පෙත්සම යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (08) තීරණය කළේය. ඒ අනුව, මෙම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජුනි මස 22 වනදාට නියම කෙරුණි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම කරුණු විභාගයට ගැණුනි.අද දින නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළාය. ඇය පෙන්වා දුන්නේ අදාළ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවයි. මෙහිදී පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා ද නීතිපතිවරයාගේ එම මූලික විරෝධතාව අනුමත කරමින් කරුණු දැක්වීමට පියවර ගත්තේය.මතු වූ මෙම මූලික විරෝධතාවලට අදාළව පෙත්සම්කාර පාර්ශ්වයේ කරුණු දැක්වීම් සහ ප්‍රතිචාර සලකා බැලීම සඳහා විනිසුරු මඩුල්ල විසින් නඩුව ලබන 22 වනදා දක්වා කල් තැබීමට නියෝග කරන ලදී. ඒ අනුව එදිනට පෙත්සම්කරු වෙනුවෙන් කරුණු රීජු ලෙස ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

























