පිල්ලයාන් අගෝස්තු 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන අගෝස්තු මස 04 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මඩකලපුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ. තර්ෂිනී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සැකකරු අද (24) ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.​2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදු වූ මිනීමැරුම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලයාන් ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩු පවරා ඇත. ඒ යටතේ, කල්ලඩි හී සිදු වූ ඝාතන සම්බන්ධ චෝදනා තුනක් සහ තවත් අදාළ චෝදනාවක් සම්බන්ධයෙන් අද දින අධිකරණ විභාගය පැවැත්විණි.​මෙම නඩුවට අදාළව 2008 වසරේදී කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේම මැයි 22 සහ අගෝස්තු 20 යන දිනවලදී තවත් පුද්ගලයින් ඝාතනය කිරීමේ චෝදනා සැකකරුට එරෙහිව ගොනු කර ඇත. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම රක්ෂිත බන්ධනාගාර නියෝගය ලබා දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,252

Leave A Reply

Your email address will not be published. Required fields are marked *