පිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

මඩකලපුව ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් දෙදෙනෙක් ඔක්තෝබර් 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.​මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, එහිදී සැකකාර හමුදා බුද්ධි තොරතුරුකරුවන් දෙදෙනා අධිකරණයට පෞද්ගලිකව ඉදිරිපත් කර තිබුණි. ප්‍රධාන සැකකරු වන පිල්ලෙයාන් මෙම නඩු විභාගය සඳහා සම්බන්ධ කරගනු ලැබුවේ නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේය.​මීට වසර කිහිපයකට පෙර මඩකලපුව සහ අවට ප්‍රදේශවල සිදුවූ බරපතළ ඝාතන සහ පැහැරගැනීම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත. මේ අතර, විදෙස්ගතව සිටින තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් යළි වරෙන්තු නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,355

Leave A Reply

Your email address will not be published. Required fields are marked *