පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ස්කොට්ලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් නැවත දිවයිනට පැමිණියහ. ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් දිවයිනට පැමිණි මෙම ක්‍රීඩක පිරිස උණුසුම් අන්දමින් පිළිගැනීමට කටයුතු යොදා තිබිණි.​මෙහිදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 89.75ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය. සිය කෙළිලබ ස සනිටුහන් කරමින් ඔහු දැක්වූ මෙම අතිවිශිෂ්ට ප්‍රදර්ශනය, මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වේ.​ඊට අමතරව, පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ පාලිත බණ්ඩාර මීටර 46.84ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් විය. මෙලෙස රටට අභිමානයක් ගෙනදුන් ක්‍රීඩකයන්ගේ පැමිණීම ක්‍රීඩා ලෝලීන්ගේද දැඩි ඇගයීමට ලක්ව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *