පොපි දින සැමරුමට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ට පොපි මල පැළඳවෙයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොපි දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා හමුවී තිබේ.​ලෝක යුද්ධවලදී සහ රාජකාරිය ඉටුකිරීමේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් සෑම වසරකම නොවැම්බර් මස දෙවන ඉරිදා ‘පොපි දිනය’ සමරනු ලබයි. මෙහිදී ධෛර්යය සහ කැපකිරීම සංකේතවත් කරන පොපි මලක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිල ඇඳුමේ පැළඳවීම සිදුකර ඇත.​මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි මල් කමිටු සභාපති මේජර් ජෙනරාල් එල්. එම්. මුදලිගේ (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,400

Leave A Reply

Your email address will not be published. Required fields are marked *