පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීමේදී මතුවන ගැටලු විසඳා ගැනීම සඳහා විශේෂ දුරකතන අංක හඳුන්වා දී තිබේ. පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය සම්බන්ධ කරගනිමින් පැය 24 පුරාම මෙම සේවාව ලබාගැනීමේ පහසුකම් සපයා ඇත.පරිගණක පද්ධතියේ සිදුකෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මාර්ගගත ක්‍රමය (Online) හරහා නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, පද්ධතිය යථා තත්ත්වයට පත්වන තුරු ප්‍රාදේශීය පොලිස් ස්ථාන මට්ටමින් අයදුම්පත් භාරගැනීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව පොලිසිය පවසයි.මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් විමසීමක් කිරීමට අවශ්‍ය නම්, 071 859 59 46, 071 859 59 47 හෝ 071 859 59 48 යන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැක.



























